(ඉන්දිකා රාමනායක)
රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරය තුළ දී ඉකුත් දා සිදු වු සිද්ධියේ දී පහර කෑමට ලක්ව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තෙවන වසරේ සිසුවාට (සැකකාර සිසුවාට) පහර දීම සම්බන්ධයෙන් සිසුන් සිව්දෙනකු අද (3) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ සිසුන් සිව්දෙනක් බවද ඒ මහතා කීය.
අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 2000 බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට නියම විය.
ලබන 7 වැනි දින යළිත් අධිකරණයේ පෙනී සිටීමට මෙම සිසුන්ට නියම විය.
මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිසුවා තමාට සිව්වන වසරේ සිසුන් සිව් දෙනෙකු පහර දුන් බවට පොලිසියට කර තිබු පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා ඉහත සිසුන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවද තල්දූව මහතා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව දෙකම පොලිසියට වෙත පැමිණි කර ඇති බවත්, එම පැමිණි දෙකම සම්බන්ධයෙන්ම විමර්ශන සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.

