(අංජුල මහික වීරරත්න)
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාවගේ යහපත සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළෙඳපොළ මිල ස්ථාවරව පවත්වා ගෙන යාමේ සහ දේශීය ගොවීන් සඳහා පහසුකම් සැලසීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහාත්, රාමසාන් උත්සවය වෙනුවෙන් පරිත්‍යාග වශයෙන් මෙරටට ලැබෙන රට ඉඳි සඳහා බදු සහනයක් ලබා දීම සඳහාත් 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ විධිවිධාන යටතේ නිකුත් කරනු ලැබ ඇති නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.