(ඉන්දිකා රාමනායක)
පේදුරුතුඩුව වල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටි වෙල්යායක මත්පැන් සදයක් අතරතුර තරුණයන් දෙදෙනකු වෙල්යායේ තිබුණු ලිදකට වැටී දියේ ගිලී මරුමුවට පත්ව ඇත.
තරුණයන් 6 දෙනෙකු ඊයේ (24) සවස මෙම මත්පැන් සාදය පවත්වා ඇති බව පේදුරුතුඩුව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 24ක් හැවිරිදි වියේ පවසුවන වල්ලිපුරම්හී පදිංචිකරුවන් දෙදෙනෙකි.
මුලින්ම එක් අයෙක් ලිදට වැටී ඇති අතර ඔහුව බේරා ගැනීමට තව අයෙක් ලිදට පැනීමෙන් පසු දෙදෙනාම දියේ ගිලී ඇති බව පොලීසිය සදහන් කළේය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (25) පැවැත්වීමට නියමිතව ඇත.

