
(විමුක්ති එස් රුද්‍රිගු)
වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාව ඇමෙරිකානු හමුදා සිය බාරයට ගෙන ඇත.
මෙය ඇමෙරිකානු හමුදාව බාරයට ගත් වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු දෙවැනි ඉන්ධන ප්‍රවාහන නෞකාව වේ.
එරටින් ගමන් අරඹන සම්බාධක පැනවූ ඉන්ධන ප්‍රවාහන නෞකාවලට යාත්‍රා කිරීම අවහිර කරමින් බාධක යොදවන ලෙස පසුගිය 16 වැනිදා නියෝග කිරීමෙන් පසුව මෙලෙස වෙනිසියුලානු වෙරළෙන් ගමන් ඇරැඹී තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු හමුදා බාරයට ගෙන ඇත. වෙනිසියුලානු රජය මෙම ක්‍රියාව හෙළා දැක ඇති අතර එය පැහැර ගැනීමක් සහ හොරකමක් ලෙස අර්ථකථනය කර තිබේ.
එසේම මෙලෙස ඉන්ධන ප්‍රවාහන නෞකා ඇමෙරිකාව සිය බාරයට ගැනීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම දඬුවම් විඳීමට ඇමෙරිකාව සිදුවනු ඇතැයි වෙනිසියුලානු රජය අනතුරු අඟවා ඇත.

