
‘‘එක්වෙමු වෙනසකට සැරසෙමු‘‘ තේමාව කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය පක්ෂ සභාපති හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉම්පීරියල් උත්සව ශාලාවේ දී අද සවස පැවැත්විණි.
53 හර්තාලයේ ක්‍රියාකාරිනියක් ලෙස සටනට එක්වූ එවකට ගර්භනී මවක වූ දැනට 83 වන වියේ පසුවන නන්දාවති සොයිසා මහත්මියට උපහාර තිළිණයක් පිරිනැමීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය ද සිය සුභපැතුම් පණිවුඩය සුමුලුව මෙත යොමු කර තිබුණි. නිදහස ජනතා සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහත්වරුන්ද සුභපැතුම් පණිවුඩ යොමු කර තිබිණ.
(ඡායාරූප ළහිරු හර්ෂණ)



