වෙඩින්වලට පළාත් සීමාවේ බුරුලක්


(සුජිත් හේවාජුලිගේ)

පළාත් අතර සංචරණ සීමා විවාහ උත්සව වෙනුවෙන් ලිහිල් කිරිමට රජය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ කීය.

"අදාළ මනාලයා හෝ මනාලිය පළාත් දෙකක සිටිනවා නම් අනිවාර්යයෙන්ම එම විවාහය සඳහා අදාළ පළාත් සංචරණ මායිම හරහා ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අදාළ මනාලයාගේ හෝ මනාලියගේ දෙමව්පියන් පළාත් දෙකක සිටිනවා නම් ඔවුන්ට ද එක් පළාතකට යෑමේ හැකියාවක් තියෙනවා."