
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන 13කට වෙඩික්කරුවකු සිට කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගිය සැකකරුට නවාතැන් පහසුකම් ලබා දුන් බවට හඳුනාගත් සැකකාර යුවළ පදිංචි මිල්ලනිය නිවසේ සිටි සුනඛයා රැගෙන යාම සඳහා බණ්ඩාරගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු කොස්තාපල්වරයකු යොදවා ආරක්ෂාව සපයා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
කෝරළේගේ කංකානම්ලාගේ රවිදු වර්ණ රංග ව්‍යාජ නමකින් ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී ඉකුත් මස 24 වැනි දින කටුනායක ගුවන් තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් සැකකරු කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත බාරදී තිබිණි.
එදින සැකකරු ගුවන් තොටුපල වෙත පැමිණිම සඳහා යොදවා ගත් මෝටර් රථය මෙහි රියදුරුද කටුනායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී මද වේලාවක දී සැකකරු බැලීමට පැමිණි හිමිවරුන් දෙදෙනකු විසින් සැලසුම් සහගතව සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන රැගෙන ගොස් තිබිණි.
සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමගම ඔහුට නවාතැන් පහසුකම් ලබා දුන් මිල්ලනිය බැල්ලන්තුඩාව නිවසේ පදිංචි අඹුසැමි යුවළ ද එම නිවසින් අතුරුදන් වූ අතර නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා පමණක් නිවසේ තනිවිය.
ඉකුත් 28 වෙනි දින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හමුවීම සඳහා බණ්ඩාරගම පොලිසියට පැමිණි තිබු කාන්තාවක් කළ ඉල්ලීමක් අනුව පරිපාලන අංශය භාරව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයකු යොදවා සුනඛ යාව රැගෙන යන තෙක් ආරක්ෂාව සැපයීමට කටයුතු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.
එම නිවස පිහිටා ඇත්තේ මිල්ලනිය පොලිස් වසමේ බවට කොස්තාපල්වරයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුම් දුන්නද එය කනකට නොගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරයා අමතා සුනඛයා රැගෙන යනතෙක් යන තෙක් ආරක්ෂාව සපයන ලෙස කොස්තාපල්වරයාට නියෝග කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .

