වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට


(ඩී.ජි.සුගතපාල සහ සුසිල් ප්‍රියන්ත)

ඌරගහ හන්දිය තේ වත්ත හන්දිය ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දිලුක සඳරුවන් විජේරත්න නමැති තිස් හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඊයේ(02) රාත්‍රි එකොළහට පමණ නිවසට පැමිණ නිවස ඉදිරි පිට සිට තේ පානය කරමින් දොර වසා නිවසතුලට යාමට සුදානම්වු අවස්ථාවේ පුද්ගලයෙකු පතරොම් තුවක්කුවකින් වෙඩි තබා පලාගොස් ඇත.

තුවලකරු ඇල්පිටිය රෝහලට ගෙන යනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මන්හන්දිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.