
(යොහාන් භාසුර)
‘මනුෂ්‍යත්වයට එරෙහි ත්‍රස්ත පනත හකුළා ගනු’ යන සටන් පාඨය මුලිකගනිමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (4) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීය.
‘ජාතික සම්පත් විකිණීම නවතනු’, ‘උද්ධමනයට සරිලන ජීවන වියදම් දීමනාවක් ලබාදෙනු’ සහ ‘අසාධාරණ ජනපීඩක බදු ක්‍රමය අහෝසි කරනු’ යන සටන් පාඨ ඉදිරිපත් කරමින් මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයෝ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


