(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණ දීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කළහ.
මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව තුළ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. සිසුන් සඳහා විවිධ වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම සඳහා පාසල් අධ්‍යාපනය සමඟ වෘත්තීය අධ්‍යාපනය ඉගැන්වීමේ වැදගත්කම දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කළහ.