(ජයන්ත සමරකෝන්)
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි වීසා කාලය ඉක්මවූ සංචාරකයින් 148 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට එම සංචාරකයින් පිරිස මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින බවද ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසීය.
නයිජිරියානු ජාතිකයෝ 63 ක්, පකිස්තානුවෝ 4 ක්, ඉන්දියානුවෝ 25ක්, බංගලාදේශ ජාතිකයෝ 9 ක්, චීන ජාතිකයෝ 2 ක්, වෙනත් රටවල පුද්ගලයෝ 45 ක් ද වෙති.
දඩ මුදල් ගෙවීමෙන් පසු මෙම පිරිස පිටුවහල් කිරීමට නියමිතය.

