(සමන් පාලිත නානායක්කාර )
වීදුරු පැටවූ ලොරියක් තුළ වීදුරු තොගයකට යටවූ ලොරි රථ සහයක අද (19) බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බුලත්සිංහල පරාගොඩ පදිංචිව සිටි තිස්පස් හැවිරිදි මනෝරත්න ජයලත් නමැති පුද්ගලයෙකි.
මෙම අවස්ථාවේදී මෙම ස්ථානයෙන් ගමන් ගත් යුද හමුදා බස් රථයක බට පිරිසක් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පැයක පමණ මෙහෙයුමකින් වීදුරු තොගයකට යට වී සිටි රිය සහායක ගොඩ ගෙන රෝහල්ගත කළ බව පොලිසිය පැවසීය. හල්දුම්මුල්ල හාල්අටුතැන්න නගරයේ හාඩ්වෙයාර් වෙළඳ සැලක් ඉදිරිපිට දී මෙම අනතුරු සිදුවිය.