වී සහල් යන මුදල වැඩි කරයි


(දයාසීලි ලියනගේ)

විදුලි ගාස්තු සංශෝධනයත් සමග වී තොග සහල් කිරීමේදී දැරීමට සිදු වන නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සලකා බලා වී තොග සහල් කිරීමේදී වැය කරන මුදල වැඩි කිරීමට භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා තීරණය කර ඇත. 

ඒ අනුව අඹන ලද සුදු  නාඩු සහ රතු නාඩු කිලෝවක් සහල් කිරීම සඳහා වැය කරන මුදල රුපියල් 9.50 සිට 10.70 දක්වා වැඩි කිරීමට ද සුදු කැකුළු සහ රතු කැකුළු වී කිලෝවක් සහල් කිරීම සඳහා වැය වන මුදල රුපියල් 7 සිට 8.75 වැඩි කිරීමටද තීරණය කර ඇතැයි භාණ්ඩාගාර ලේකම්වරයා සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් දී ඇත.

වී වල තෙතමනය 14% ට වඩා වැඩි සහ තෙතමනය 22% හෝ ඊට වඩා අඩු වී කිලෝග්‍රෑම් එකක් නිසි ප්‍රමිතියට වියළීම සඳහා වැය වන වියදම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා ගෙවනු ලබන රුපියල් 4.50ක  මුදල රුපියල් 4.75 දක්වා වැඩි කිරීමට ද තීරණය කර ඇත.