වී මෝල් හිමියන්ගේ වැඩ ගැන බලන්න ඇමැතිගෙන් අණක්


(අංජුල මහික වීරරත්න)

 වී මෝල් හිමියන් තමන් සතු වී තොග සහල් කර වෙළෙඳ පොලට නිකුත් කරනවාද යන්න අධීක්ෂණය කරන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් පෙරේදා  (12) සිට වෙළෙඳ පොළ අවශ්‍යතාව පරිදි  සහල් තොග නිකුත් කිරීම ආරම්භ කළ බව ද අමාත්‍යවරයා  පවසයි.

 ඒ අනුව ඊයේ (12) දින සතොස සඳහා සහල් මෙට්‍රික් ටොන් 500ක් සැපයූ බවත්  ජූනි මාසයේ ඉදිරි දින කිහිපයට සහල් මෙට්‍රික් ටොන් 2400ක් සැපයීමට කටයුතු යොදා තිබෙන බව  අමාත්‍යවරයා සඳහන් කළේය.