(අංජුල මහික වීරරත්න)
2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන තුනක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මින් පෙර රජය විසින් වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබූ අතර එම මුදල් සම්පූර්ණ ප්‍රමාණයම වී මිල දී ගෙන අවසන් වූ බව අමාත්‍යවරයා කීය.
අවශ්‍ය වුවහොත් වී මිල දී ගැනීම සඳහා තවත් මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළ කර තිබූ අතර ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තවත් රුපියල් බිලියන තුනක මුදලක් වී මිල දී ගැනීම සඳහා ලබා දීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබිණි.

