
(උපුල් හේරත්)
මහ කන්නයෙන් ලද වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහ කනදරාව ගොවීහු මහ කනදරාව වැව් බැම්ම මත පිහිටි පත්තිනි මෑණියන් උදෙසා කන්නලව්වක් සිදු කළෝය.
මහකන්දරාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් කුඩා ගොවි සංවිධාන 15 ක ගොවි නියෝජිතයන් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම දේව කන්නලවිවට සහභාගි විය .
මේ වසරේ මහ කන්නයේ ගොවීහු විශාල පිරිසක් එක් වී පත්තිනි මෑණියන් උදෙසා කිරි අහාර පූජාවක් මෙන්ම මල් , පහන් සුවඳ ධූප ,පහන් ආලෝක, පවත්වා,සත් පත්තිනි මෑණියන්ට ආරාධනා කර, පොල් ගසා කියා සිටියේ ,ලබන අප්‍රේල් මාසයේ වන විට යල් කන්නය ආරම්භ වන බවත් ,ඒ සඳහා අති විශාල මුදලක් වැය වෙන හෙයින් මහා කන්නයෙන් ලද අස්වැන්නට නිසි මුදලක් ලබා දෙන ලෙස සත් පත්තිනි මෑණියන්ට යාච්ඤා කරමින් එම පුද පූජා පැවැත් වූහ .

