(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය මගින් නැවතත් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
මිල කමිටුවේ තීරණය පරිදි නාඩු වී කිලෝවක් රුපියල් 95ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ක් බැගින් මිල දී ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී මිලදී මිලදී ගැනීම සඳහා රජයෙන් ලැබෙන මුදලට සරිලන පරිදි මිලදී ගැනීම් කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.
පසුගිය මහ කන්නයේ දී වී මිල දී ගැනීමට රජය රුපියල් බිලියන 13ක් වෙන් කළ අතර වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමෙන් ඉවත්වී දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් වී මිලදී ගැනීමට කටයුතු කළේය.
එලෙස මිලදී ගත් වී වලින් සැකසූ සහල් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට බෙදා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණයකට අනුව කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම සහල් එක පවුලකට මාසයකට කිලෝ ග්‍රෑම් 10ක් බැගින් පසුගිය අප්‍රේල් හා මැයි මාසවල බෙදා දුන් බවද අමාත්‍යාංශය කියයි.

