අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන්, විස්මිත අබිරහස් වස්තුවක් හමුවුණු බවත්, එම වස්තුව සෑම මිනිත්තු 44 කට වරක්ම එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පවසති.
තාරකා විද්‍යාඥයන්ට අනුව, මේ ආකාරයේ වස්තුවක් අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. අප මන්දාකිණිය ක්ෂීරපථය යනුවෙන් හැඳිවෙන අතර, විද්‍යාඥයන්ට අනුව, ක්ෂීරපථයේ තාරකා බහුල කලාපයකින් ආලෝක වර්ෂ 15,000 ක් දුරින් පිහිටා ඇති මෙම අභිරහස් වස්තුව ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. ඔවුන් එය නම් කර ඇත්තේ ASKAP J1832-0911 යන කේත නාමයෙනි.
විද්‍යාඥයන් අනුමාන කරන ආකාරයට, මෙම වස්තුව මියගිය තාරකාවක ඉතිරි වූ අධික චුම්බකකරණය වූ කොටසක් එසේත් නැතිම් නියුට්‍රෝන තාරකාවක් හෝ සුදු වාමන තාරකාවක් විය හැකි යැයි පැවැසෙයි.