මාරවිල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු බැණ වැදුණේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් වේදනා නාශක පෙති 34ක් බිව් පුහුණුව ලබන වෛද්‍යවරියක ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර ඇතැයි මාරවිල පොලිසිය කියයි.
මෙම වෛද්‍යවරියගේ මව පෙරේදා (24) මධ්‍යම රාත්‍රියේ මාරවිල පොලිසියට පැමිණිල්ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරයා තම දියණියට නිතර දොස් පැවරීම හේතුවෙන් ඇය සිත්තැවුලට පත්වී වේදනා නාශක පෙති 34ක් පානය කර ඇති බව සඳහන් කර ඇතැයි පැවසේ.
මේ පිළිබඳව මාරවිල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී නිර්මලා ලෝගනාදන් මහත්මියගේ විමසීමට උත්සාහ දැරුවද ඇය නිවාඩු ලබා සිටියාය.
පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ දිනූෂා ප්‍රනාන්දු මහත්මියගෙන් මේ පිළිබඳව විමසූ විට ඇය මෙසේ කීවාය. මේ පුහුණුවන වෛද්‍යවරිය වේදනා නාශක පෙති වගයක් බිව්වා කියා දැන ගන්න ලැබුණා. විශේෂඥ වෛද්‍යවරයා යටතේ පුහුණුව ලබමින් ඇය මෑතක සිට මාරවිල රෝහලේ සේවය කරනවා.
මේ වෛද්‍යවරිය වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන තිබෙන්නේ රුසියාවේ හා පිලිපීනයේ. මාරවිල රෝහලේ සමහර කටයුතු කරන්න ඇයට අමාරු ඇති. රෝගීන්ට සිදුවන අවදානම ගැන සලකා සමහර අවස්ථාවල ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ඉගෙන ගන්නා අයට තදින් කතා කරනවා. අවවාද කරනවා. කියා දෙනවා. සමහර විට මේ තත්ත්වය ඇතැම් අයට දරාගන්න අමාරු වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ වෛද්‍යවරිය ගැන වෛද්‍ය සභාවට දන්වලයි තියෙන්නේ. පෙති බීපු වෛද්‍යවරියගේ තත්ත්වය ගැනත් සොයා බලා කටයුතු කරනවා.
වෛද්‍යවරියගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.

