(රංජන් කස්තුරි)
විශ්‍රාමිකයින් පිරිසකට මේ මාසයේ වැඩිකළ වැටුප නොලැබී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතැම් නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාවය නිසා යැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් යම් විශ්‍රාමිකයෙකුට මේ මාසයේදී විශ්‍රාමවැටුප් වැඩිකළ කොටස නොලැබූණේ නම් ලබන මාසයේදී හිඟමුදලක් සමඟ ඒවා ලබාගත හැකි බවද එම අමාත්‍යාංශය පවසයි.
විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත්කිරීම හා විශ්‍රාම වැටුප් වැඩිවන ආකාරය සඳහන් චක්‍රලේඛන හා උපදෙස් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් කල්වෙලා ඇතිව නිකුත් කළද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතැම් නිලධාරීන් ඒවා ගණනය කිරීම ප්‍රමාදකර තිබෙන බවද පැවැසේ.

