විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු විරෝධතාවක


 

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹදී මේ වන විට විරෝධතාවක නිරතව සිටියි.

විශ්‍රාමික අරමුදල් රැකගැනීම සහ අසාධාරණ බදු ක්‍රමයට ද විරෝධය දක්වන විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු මේ වන විට කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)