විශ්ව විද්‍යාල නිති පිඨයේ ලියාපදිංචි වීමට ඇති අවස්ථාව


(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

විශ්ව විද්‍යාල නිති පිඨයේ ලියාපදිංචි වීමට ඇති අවස්ථාව ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලාවක ලියාපදිංචිය හේතුවෙන් අහිමි කිරීම නිසා ශිෂ්‍යයකුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට විශ්ව විද්‍යාල ප්‍රතිපදාන කොමිසම නියෝග කළේය.

මෙම ශිෂ්‍යයා විශ්ව විද්‍යාල නිති පීඨයට ඇතුළත් කර ගන්නා ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝගයක් නිකුත් කළේය.

තිස්සමහාරාමය, ලුකස්ගොඩ, අංක 231/1, ලිපිනයෙහි පදිංචි එම්. සී. මලික් සචින්ත යන අය විසින් ගොනුකරනු ලැබ තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාර ශිෂ්‍යයා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතු`ථ පස් දෙනෙකි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මෘර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් ප්‍රකාශිත මෙම තින්දුවේ මෙසේ ද සඳහන් වේ.

පෙත්සම්කරු 2018 වසරේ අපොස උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් ඉදිරිපත් වී ඒ සාමාර්ථ තුනක් ලබා ගෙන ඇති අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 4වන ස්ථානයට පැමිණ දිවයිනේ 90 වැනි ස්ථානයට පත්වී ඇත. පෙත්සම්කරු යාපනය, කොළඹ සහ පේරාදෙණීය විශ්ව විද්‍යාලවල නිති පීඨයට ඉල්ලුම් කර තිබේ. එහෙත් ඉල්ලුම්කාර ශිෂ්‍යාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලාවක ලියාපදිංචි වී තිබීම ය. පෙත්සම්කාර ශිෂ්‍යයා සදහන් කර සිටින්නේ  අදාළ විභාගයට තමන් පෙනී සිටිමෙන් පසු ඉන් සමත් වුවත් ඒ සදහා ලියාපදිංචි නොවූ බවය. කෙසේ වෙතත් ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ බලධාරීන් සදහන් කර සිටින්නේ මෙම ශිෂ්‍යයාගේ නම ලියාපදිංචි ලේඛණයේ සදහන් වූයේ අත්වැරදීමකින් බවය. මේ සම්බන්ධයෙන් අදාළ උසස් තාක්ෂණ ආයතනය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ද දැනුම් දී තිබිණී. එහෙත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පෙත්සම්කරු විශ්ව විද්‍යාල නිති පීඨයට ඇතුළත් කර ගැනීමට නොහැකි බව සදහන් කර ඇත. මෙම පෙත්සම්කාර ශිෂ්‍යා ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ තිබූ කිසිදු දේශනයකට සහභාගී වී නොමැති බවට ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමසම පිලිගෙන ඇත. ඒ අනුව, පෙත්සම්කරුට විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබී තිබුණත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒ සදහා අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගනත්යෙන් ප්‍රකාශිත මුලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දුවේ සදහන් වෙයි. පෙත්සම්කරු නිති පීඨයට ඇතුළත් වූයේ නම් අද වන විට අවසන් වසර සිසුවෙකි. පෙත්සම්කරු සිය තරුණ කාලයෙන් වසර තුනක් අපතේ ගොස් ඇත. මේ සියල්ල සලකා බලා රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවන ලෙස සහ පෙත්සම්කරු විශ්ව විද්‍යාල නිති පීටයට ඇතුළත් කර ගන්නා ලෙසටද තින්දුවේ සදහන් කර ඇත.