(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දමන ප්‍රදේශයෙ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් කියයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ කුකුල්කටුව වනජීවි කාර්යාල නිළධාරීන් මෙම වැටලීම සිදු කර තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊච්චකුලම,රණවරාව , හා ඔයාමඩුව යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 52,57,20,34, සිමාවල සිව් දෙනෙකු බව කියයි. ගල් ඉබ්බා දැඩි ආරක්ෂීත සතෙකු බව කියයි.