( එස් .ඩි.කොඩිකාර )
කොටපොළ පැවති දෙනියාය අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති විරෝධතාව අතර තුරදී ගුරුවරියක් ඇද වැටී අද (09) සවස මිය ගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි .
මෙසේ මිය ගොස් ඇත්තේ දෙනියායේ පදිංචි (27) හැවිරිදි අවිවාහක වරුණි අසංකා මධුභාෂිණී නැමැති දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කරන ගුරුවරියකි.
ඇද වැටුණු ගුරුවරිය පසුව දෙනියාය මූලික රෝහලට 1990 සුව සැරිය ගිලන්රථයකින් රැගෙන යන විටත් මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම ගුරුවරිය දීර්ඝ කාලයක් තිස්සේ හෘදයාබාධ තත්ත්වවලට ලක්වී ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඒ සම්බන්ධ ශල්‍යාකර්මයකට ද ලක්කර ඇති බව ඇයගේ ඥාතීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .

