විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි


(සුජිත් හේවාජූලිගේ)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,

ඒ අනුව  උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වැනි  දා යළි ආරම්භ වේ.

නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3  යන දිනයන්හි විභාගය නොපැවැත්වීමට ඒ අනු  විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දෙසැම්බර් මස 4 වන දිනට කාලසටහනේ නියමිත විෂයන් ඒ අයුරින්ම පවත්වන බව  විභාග කොමසාරිස්වරයා පැවැසීය.

ඒ අනුව කල්දැමූ උසස් විෂයන් නැවත පවත්වනු ලබන අයුරු විභාග කොමසාරිස්වරයා දැනුම් දී සිටියේ මෙසේය

* නොවැම්බර් 27 වන බදාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදා

* නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදා

* නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා

* නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා

* දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා

* දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා