(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වයඹ විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්වීම සම්බන්ධ අකටයුතුකම් නිසා මේ වන විට සිසුන් පහළොවකට වැඩි පිරිසක් උපාධිය සම්පූර්ණ නොකර විශ්වවිද්‍යාලය හැරගොස් ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වරක් ප්‍රතිඵල නිකුත් කිරීමේදී අවසන් විභාගයට මුහුණ දුන් සිසුන් පිරිසගේ ප්‍රතිඵල වැරදීමකින් අත්හිටුවා ඇති අතර විභාගය සඳහා මුහුණ නොදුන් පිරිසකට ප්‍රතිඵල ලැබී තිබෙන බව සිසුන් පවසන්නේ යැයි ද දිසානායක මහතා කීය.
මේ පිළිබඳව පාලන අධිකාරිය දැනුවත් කළ පසුව 3 වසර අධ්‍යයන කටයුතු හදාරමින් සිටි සිසුන් 29 දෙනකුගේ නම් එම වසරේ අධ්‍යයන කටයුතු හැදෑරීමට නොහැකි සිසුන් ලෙස නම්කර ඇති බවද දිසානායක මහතා පැවසීය.
වයඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ට තෙවන වසර අධ්‍යයන කටයුතු හැදෑරීම සඳහා අනිවාර්ය වශයෙන් සමස්ත Gpa අගය 2+ ට වඩා වැඩි විය යුතු බවට කොන්දේසියක් පනවා තිබීම හේතුවෙන් සිසුන් රැසකට අසාධාරණයක් සිදුවී ඇති බව ද දිසානායක මහතා කීය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසූයේ මේ ගැටලුව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිතුරක් එවා තිබෙන අතර ඊට අමතරව තවදුරටත් මේ කාරණා පරීක්ෂා කොට මෙවැනි සිදුවීම් යළි නොවන්නට සහ අනාගතයේ ගත හැකි පියවර මොනවාදැයි දැනුම් දෙන ලෙස තමා ඉල්ලා තිබෙන බවයි.

