විපතට පත්වූවන් 85000ක් තවමත් සුරක්ෂා කඳවුරුවල


(නිමල කොඩිතුවක්කු)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් අද (10) දිනය වන විටත් පවුල්  26814 කට අයත් පුද්ගළයින් 85333ක් ආරක්ෂිත ස්ථාන 874ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්වය දිස්ත්‍රික්ක 25 කට අයත් පවුල් පන්ලක්ෂ විසිහතරදහස් එකසීය අසූ අටකට අයත් පුද්ගළයින් දහඅටලක්ෂ දොලොස්දහස් තුන්සීය එකොළහක් පීඩාවට පත්ව ඇතැයිද එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ආපදාවෙන් මරණ 639ක් සිදුවී  193 ක් අතුරුදන් වී  ඇතැයිද ඔහු සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් නිවාස 5336 ක් සම්පූරණයෙන්ම විනාශ වී තවත් නිවාස 85683 ක් අර්ධ හානි සිදුව තිබේ.

ද්ට්වා සුළිකුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව, පස්කදු කඩා වැටීම්,  ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.