
(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී ආපදා තොරතුරු කේන්ද්‍රයක් අද ආරම්භ කෙරිණ.
ආපදාවෙන් විපතට පත් සියලු දෙනාට යම් සහනයක් ලබා දීම අරමුණු කර ගෙන මෙම මධ්‍යස්ථානය ආරම්භ වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයෙන් ජනතාව වෙත ලබා දෙන ආධාර නොදැනුවත්කම, දේශපාලන කාරණා ආදී හේතු නිසා නොලැබී යාමේ තත්ත්වයක් පවතින නිසා මෙවැනි ගැටලු පවතින අයට එම ගැටලු ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ බවත් ඔහු සඳහන් කළේය.
මෙම මධ්‍යස්ථානය මඟින් ආධාර නොලැබුණු පාර්ශ්වයන් සහ රාජ්‍ය පාර්ශ්වයන් ඇතුළු ස්වේච්ඡා සංවිධාන සම්බන්ධීකරණය කිරීම ද සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා, ජේ. සී. අලවතුවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

