(පානදුර සුමිත් )
කළුතර කලපුවේ විනෝදයට ඔරු පදිමින් සිටී පුද්ගලයන් දෙදෙනෙකු දියේගිලී මියගොස් ඇති බව කලුතර දකුණ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කලුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් උසයිර් මොහොමඩ් ඉන්සාෆ් නමැති 33 හැවිරිදි පුද්ගලයකු සහ මොහොමඩ් හුසයින් නමැති පුද්ගලයන් දෙදෙනකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය කීය.
මියගොස් ඇති එක් තැනැත්තකු දින දෙකකට පෙර කලපුවේ ඔරු පදිමින් සිටින බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත්, ඉන්පසු තොරතුරක් නොලැබී ඇති බවත් ප්‍රකාශ වලින් හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි .
මළසිරුරක් කලුතර කලපුවේ පාවෙමින් තිබෙන බවට ලද දුරකථන ඇමතුමක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් , පැය තුනකට පමණ පසුව තවත් මළසිරුරක් හමුව ඇති බවත් කියයි.