(මනෝප්‍රිය ගුණසේකර)
බලපත්‍ර නොමතිව අලියකු ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු මහාධිකරණ විනිසුරු තිළිණි ගමගේ මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොර ඔප්පුකොට නොමැති බව තීරණය කළ විනිසුරුවරයා ඔහු නිදහස් කළේය.

