(තුසිත කුමාර සිල්වා)
බේරුවල ප්‍රදේශයේ පාසලක වයස 17 හැවිරිදි සිසුවකු සහ තවත් සිසුවකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් සිසුවකු ඇදවැටී බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ මොහොමඩ් තාරික් නැමැති සිසුවෙකි.
මෙම සිසුන් දෙදෙනා අතර ගැටුම පාසල් වේලාවේදී සිදුවී තිබෙන අතර අනතුරුව තුවාල ලබා සිසුන් රෝහල් ගත කිරීමට පාසල් ප්‍රධානීන් කටයුතු කර තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් සිසුවාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බව බේරුවල පොලිසිය පවසයි.
ශිෂ්‍ය නායකයකු වන එම සිසුවා පන්තියේ විනය බාරව කටයුතු කර ඇත.