විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උපන්දිනේට සමරු කවරයක්


(අංජුල මහික වීරරත්න)

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට රජය තීරණය කර ඇතැයි  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් කොළඹදී අද (27) පැවැති වැඩසටහනට එක්වෙමිනි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් ද එහිදී නිකුත් කෙරිණි.

 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වී ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව අමාත්‍යවරයා එහිදී කීය.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා  දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.