
(සුජිත් හේවාජුලිගේ)
විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් නීතිඥවරයෙක් සහ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එංගලන්තයේ හා මෝල්ටාවේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ නීතීඥවරයෙක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය
සැකකරු මොරටුව ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත. එංගලන්තයේ හෝ මෝල්ටා රාජ්‍යයට රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැති මේ වන විට එම රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද කල් ඉකුත්වී තිබේ. සැකකරු කාර්යාංශ පනත උල්ලංඝණය කරමින් ඉහත රටවල රැකියා ලබාදීමට පුද්ගලයින් තිදෙනෙකුගෙන් රු.9,410,000.00 (රුපියල් අනූ හතර ලක්ෂ දස දහසක්) මුදලක් අයකර ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් හෙයින් එම මුදල් ලබාදුන් පුද්ගලයින් කාර්යාංශයට පැමිණිලි කර ඇත
එම පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ සැකකරු කාර්යාංශයට පැමිණි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය.,ඊයේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වරද පිළිගත් හෙයින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද අතර, ජනවාරි 27 දින නඩුව යළි කැඳවීමට නියමිතයි.
මේ අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකිරීමට තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගත්, ජාඇල, කළඑළිය ප්‍රදේශයේ පදිංචි හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (10/15) අත්අඩංගුවට ගනු ලැබීය. කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිට ඇති අතර, උපායදූතයින් මාර්ගයෙන් ඔහු සම්බන්ධ කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.එහිදී සැකකරුගේ නිවසේ තිබී රැකියා අයදුම්පත්‍ර හා වීසා සම්බන්ධ ලේඛන රැසක්ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (10/16) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

