විදේශ රැකියා නියෝජිතවරයෙකු පැහැරගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දෙහිවල සුබෝධාරාම මාවතේ විසූ විදේශ රැකියා නියෝජිතවරයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදී අලුත්ගම ප්‍රදේශයේ දමා ගිය කණ්ඩාමක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
 
පහරකෑමෙන් තුවාල ලැබූ නියෝජිතවරයා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
 
නියෝජිතවරයා අලුත්ගම පදිංචි පුද්ගලයෙකු පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ දොළහක මුදලක් ලබාගෙන ඉන්දියාවට රැගෙන ගොස් ඔහුව අතරමං කර ඇති බවත් අනතුරුව මුදල් ඉල්ලීමේදී එය ලබානොදුන් බවත් මෙම පහරදීමට හේතුවී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.