
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් කාර්යයන් හා කර්තව්‍යයන් අලුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.
පෙබරවාරි මස 23 වැනිදා දාතම යටතේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
එම ගැසට් පත්‍රයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් කාර්යයන් හා කර්තව්‍යයන් මෙසේ දැක්වෙ යි.
“සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකුලව සහ රජය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වෙනත් ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා “මිත්‍රශීලි සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය” ඇති කිරීම සඳහා අදාළ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා ප්‍රතිපත්තිමය මගපෙන්වීම සිදු කිරීම සහ නියමිත නීති සහ අණපනත්වලට අනුකූලව විදේශ කටයුතු විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.”
කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ ව මෙසේ සඳහන් වේ.
“විදේශ කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් හා මගපෙන්වීම මත “මිත්‍රශීලි සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය” ඇති කිරීම සඳහා අදාළ නීති සහ අණපනත්වලට අනුකූලව කලාපීය සහයෝගිතා කටයුතු විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වීම, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.”






