විදේශ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට රවිනාථ ආර්යසිංහ


( තිළිණි ද සිල්වා )

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම ධූරයේ කටයුතු කරමින් සිටි රවිනාථ ආර්යසිංහ මහතාම යළි පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඊයේ (19) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කරනු ලැබ ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම රාජතාන්ත්‍රිකයකු වන ආර්යසිංහ මහතා තානාපතිවරයකු වශයෙන් රටවල් රැසකම කටයුතු කළ අතර, පසුගිය එක්සත් ජාතික පෙරමුණ රජය යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතො විසින් ඉකුත් වසරේ ඔක්තෝබර්  31 වැනිදා හෙතෙම එම අමාත්‍යාංශ ලේකම්  ධූරයට පත් වූයේය.