
(රොමේෂ් මධුෂංඛ)
යාපනය අනලතිව් ප්‍රදේශයේ නිවසක් තුළ මාස 11 ක් වයසැති බිළිඳියකට විදුලිසැර වැදීමෙන් බිළිඳිය මිය ගොස් ඇති බව කයිට්ස් පොලීසිය පවසයි.
අනලතිව් සිව්වන හරස් වීදියේ පිහිටි නිවසක් තුළ සිටි කුඩා දැරියක් බඩගා ගොස් නිවසේ කාමරයක් තුළ තිබූ ජල මෝටරයට ඇද තිබූ වයරයක් ඇල්ලීමට යාමේදී විදුලිසැර වැදීමෙන් මෙසේ මිය ගොස් ඇත.
විදුලිසැර වැදීමෙන් බරපතල තත්වයේ සිටි දැරිය නිවැසියන් විසින් අනලතිව් ප්‍රාදේශීය රෝහලට රැගෙන ගියද ඒ වන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 11 මසැති දැරියක් වූ දයාලන් විදූසා වන අතර මිය ගිය දැරියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව පවුලේ ඥාතීන්ට බාර දීමට කටයුතු යොදා ඇති බවට පරික්ෂණ සිදු කරන කයිට්ස් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

