විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙක් පත්කරන්න


(යොහාන් භාසුර)

විදුලිබල හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර අර්බුදකාරී තත්ත්වයක පවතින බැවින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු කඩිනමින් පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම රජයට දැනුම් දෙයි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද පස්වරුවේ රජය  ලිඛිතව මේ පිළිබඳ දැනුවත් කර තිබේ.