විදුලි සේවකයින්ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී-සොහොයුරා අත්අඩංගුවට


( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වසරක් පුරා නොගෙවු හිඟ විදුලි බිල් පතක් හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය පුත්තලම විදුලි නඩත්තු ඒකකයේ නිළධාරීන්ට වට කර ගෙන පහර දුන්  පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු හා ඔහුගේ සොහොයුරා පුත්තලම මුලස්ථාන පොලිසිය මගීන් අද (15 ) අත් අඩංගුවට ගත් බව   පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ එම සභාව නියෝජනය කළ  ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් සහ ඔහුගේ සොහොයුරා බව කියයි.

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ මනතිව් ප්‍රදේශයෙ පිහිටි හිටපු මන්ත්‍රිවරයාට අයත් යැයි කියන ඒ.ජෝෂප් නැමති අයකුගේ නමින් ඇති ඉඩමක මේ වන විට භාවිත නොකරන නමුත් පැරණි නොගෙවු රුපියල් 8,385 ක හිග බිල්පතට අදාල ස්ථානයෙ විදුලිය විසන්ධි කර අදාල රැහැන් පද්ධති ගලවා දැමිමට ගිය විදුලි බල මණ්ලයෙ පුත්තලම විදුලි ඉංජීනේරු වරයා යටතේ ඇති කල්අඩිය උප නඩත්තු ඒකකයෙ සේවකයින්ට අදාල මන්ත්‍රිවරයා හා ඔහුගේ සොහොයුරා අදාල ස්ථානයට කඩා වැදි රාජකාරියට බාධා කරමින් මෙලෙස පහර දී ඇති බව කියයි.