විදුලි සේවකයනට පහරදුන් පිය,පුතු,බෑණා අල්ලයි


(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර බහිරවකන්ද ටැංකිය වත්ත ප්‍රදේශයට රාජකාරි කටයුත්තක් සඳහා ගිය ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයනට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .

අත්අඩංගුවට ගෙන ඇත්තේ පිය පුතු සහ බෑනා බවද පොලිසිය කියයි . පහරදීම සිදුකිරීමෙන් පසු සැකකරුවන් එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට දැඩි උත්සාහයක් දැරීමට සිදුවිය .

පසුව ඔවුන්ගේ ජංගම දුරකථන සඳහා සංඥා නිකුත් වන කුළුණු නිරීක්ෂණය කොට සැකකරුවන් මාවනැල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට නිරීක්ෂණය වීමෙන් පසු ඒ ඔස්සේ විමර්ශන සිදු කළත් නැවතත් ඔවුන් මහනුවර ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවට දුරකථන සංඥා කුළුණු ඔස්සේ නිරීක්ෂණය කොට ගැටඹේ ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ .