( ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පොලිස් වසමට අයත් කුඹුක්වැව කෝන්ගස්හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අද(19) දහවල් විදුලිසැර වැදීමකින් මියගොස් ඇති බවට ඒ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සාලියවැව පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ කුඹුක්වැව කෝන්ගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සංජීව රත්නායක (44) නම් වූ තිදරු පියෙකු බවත් පොලීසිය පවසයි.
මොහු සිය නිවසේදී ග්‍රයින්ඩරයක් මඟින් පිහියක් ගෑමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බවට එම විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය කියයි.
මෙහිදී අනතුරට ලක්වූ අයව ඉහළපුලියන්කුලම අලුත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇතත් ඔහු ඒ වනවිටත් මියගොස් ඇති බවත් එම විමර්ශන වැඩිදුරටත් අනාවරණය කරයි.
ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.