(යොහාන් භාසුර)
වෙසක් සතියේ දෙවැනි දිනය වන හෙට (16) විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
වෙසක් පෙහොය දිනය වූ අද (15) දිනයේ ද විදුලිය කප්පාදු නොකළ අතර ජනතාවට සිදුවන අපහසුතාව සහ ජනතා ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කරමින් හෙට දිනයේ ද විදුලි සැපයුම අඛණ්ඩව ලබාදීමට තීරණය කර තිබේ.