(ජේ.කේ.එල්. චාමින්ද)
වල්ඌරන් මැරිම සදහා විදුලි රැහැන් අදිමින් සිටි යුදහමුදා සෙබලෙකු විදුලි සැරවැදිමෙන් මියගොස් ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
යුද හමුදා සෙබලා විසින් වල්පල,යහලබැද්ද ප්‍ර දේශයේ පිහිටි තම මහ ඉඩමේ වල් ඌරන් මැරිම සදහා විදුලි රැහැන් අදිමින් සිට ඇත.එක් විදුලි රැහැනක් ඇද අනික් විදුලි රැහන ඇදිමට යාමේ දි මොහුට විදුලිසැරවැදි ඇති බැව් පොලිසිය පවසයි.
විදුලිසැරවැදිමෙන් මියගොස් ඇත්තේ ඉමදුව කනංනකේ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

