විදුලි බුබුළු වළල්ලක් කඩාවැටි විදුලි ඉංජිනේරුවරයා මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ වරාය පොලිස් වසමේ දකුණු ආසියානු බහලුම් පර්යන්ත භූමියේ (එස් ඒ ජි ටි ආයතනයේ) විදුලි කණුවක ඇතිවූ නඩත්තු කටයුත්තක් සකස් කරමින් සිටි විදුලි ඉංජිනේරුවරයෙකුගේ ශරීරය මතට විදුලි බුබුළු වළල්ලක් කඩා වැටීමෙන්  රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වරාය පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල මඩපාත පොල්හේන  කේ ඩි බන්දුල සෙනරත්න 59 යන අයයි.එම අනතුරින් ඉංජිනේරුවරයාට සහාය වීමට සිටි තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

විදුලි ඉංජිනේරුවරයා සහ ඔහුගේ සහයකයා අඩි හතළිහක් පමණ උසැති විදුලි කණුවේ  නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටියදී එම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.