
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදුලි බිල තුනෙන් එකකින්වත් අඩු විය යුතු යැයි යන ස්ථාවරය වෙනස් කර නැතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2025 අවුරුද්දේදී අප විදුලි බල පද්ධතියට මෙගාවොට් 702ක් එකතු කර තියෙනවා.අප මුලින්ම කළේ ආර්ථික ස්ථායීකරණයයි. එතැනින් පසුව ප්‍රමුඛතම කාරණය වන්නේ සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමයි.ඒ සඳහා බලශක්ති අමාත්‍යංශය හැටියට ගෘහස්ත විදුලි පාරිභෝගිකයා මෙන්ම ඉන්ධන පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහ කාරයක්ෂමව සේවා ලබා දෙනවා වගේම කර්මාන්ත සහ සීමා සඳහා අවශ්‍ය වන බලශක්තිය සැපයීමට කටයුතු කළ යුතුව තිබෙනවා. බලශක්ති පිරිවැය කර්මාන්ත හා සේවාවල ප්‍රධාන ගැටලුවක් වී තියෙනවා.අප රජයේ බාර ගන්නා කාලය සමග බලද්දි දැන් විදුලි බිල සියයට 11 කින් අඩුවී තිබෙනවා.එය ප්‍රමාණවත් නැති බව අපි පිළිගන්නවා.විදුලි බිල තුනෙන් එකකින්වත් අඩු විය යුතු යැයි අප එදා කිව්වා. ඒ ස්ථාවරය වෙනස් කර නැහැ.අපේ වැඩපිළිවෙල සකස් කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි.

