
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලිද් හමූද් නාසර් අල්කහ්තානි මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් කොළඹදී අද පැවැත්විණි.
රියාද් හි පැවැත්වීමට නියමිත 26 වන එක්සත් ජාතීන්ගේ සංචාරක මහ සභා රැස්වීම සඳහා සෞදි තානාපතිවරයා එහිදී විජිත හේරත් අමාත්‍යවරයාට ආරාධනා කර ඇත.
මෙම හමුවේදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව අමාත්‍යංශය පවසයි.

