(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සිය සුභ පැතුම් එක්කරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සඳහන් කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් විග්නේශ්වරන් මහතා සඳහන් කරනු ලබන්නේ රටේ නව ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සියලු ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ජනතාවගේ ගැටලු වෙනුවෙන් කිසිදු භේදයක් නොදක්වා කටයුතු කළ යුතු බවද හෙතෙම තම නිවේදනයේ සඳහන් කර ඇත.
නව ජනාධිපතිවරයාගේ සියලු කටයුතු සාර්ථක වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද හෙතෙම සඳහන් කරයි.

