වික්ටෝරියා නැරඹුන් මැදිරිය වසයි


(ෂේන් සෙනෙවිරත්න)

වික්ටෝරියා වේල්ල නැරඹීම සඳහා දෛනිකව විශාල පිරිසක් පැමිණෙන බැවින් එහි නැරඹුම් මැදිරිය නැවත දැනුම් දෙන තුරු වසා දමන බව මහවැලි අධිකාරිය පවසයි .

මෙම නැරඹුම් මැදිරියේ කුඩා ඉඩ ප්‍රමාණයේ දෛනිකව විශාල පිරිසක් එක් රැස් වන බැවින් කොවිඩ් - 19 වයිරසය පැතිරීමේ අවදානමක් මතුව තිබෙන බැවින් නැරඹුම් මැදිරිය වසා දැමීමට තීරණය කළ බව මහවැලි අධිකාරිය කියයි.

එය නැවත විවෘත කරන දිනය පසුව දැනුම්දෙන බව මහවැලි අධිකාරිය සඳහන් කරයි .