
(නිමල් ජයරත්න )
අරලගංවිල කන්දේගම ගම්මානයේ අසල ගෙවත්තක වතුර පිරී තිබූ වැසිකිළි වළකට වැටිමෙන් අවුරුදු දෙකක පිරිමි දරු වෙකු මියගොස් ඇති බවයි අරලගංවිල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 203 කන්දේගම දම්මින්න ලිපිනයේ පදිංචිව සිටි, ටී. එම්. අකිල ක්‍රිෂන් කාවින්ද යන පිරිමි දරුවා බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
අසල ගෙවත්තක පාළු ඉඩමක කපා තිබු වැසිකිලි වලට වැටී ඊයේ (20) මෙම දරුවා මියගොස් ඇති බවද පොලිසිය කියයි.
උදෑසන ධීවර රැකියාවේ නිරත පියා සමඟ මුහුණ සේදීමට නිවසෙන් එලියට පැමිණි විට මුහුණ සෝදා පියා නිවස තුළට පැමිණ ඇති අතර පුතා නොපෙනීම හේතුවෙන් වැඩිමහල් දියණිය විසින් ඒ පිළිබඳ විසමා සොයා බැලීමේදී පුතා වළට වැටී සිටි සිටිනු දැක තිබේ.

