වැසිකිලි වලේ විෂ වායුව ආග්‍රහණය වී දෙදරු පියා ජීවිතක්ෂයට


 

(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙල හම්රාපව ප්‍රදේශයේ පැරණි වැසිකිළි වලක් පිළිසකර කරමින් සිටි පුද්ගලයෙකු අද (16) සවස විස වායුවක් ආඝ්‍රාහණය වී ජීවිතක්ෂයට පත්වී ඇතැයි බණ්ඩාරවෙලට මූලස්ථාන පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවෙල හම්පරාව පදිංචි ඩබ්ලිව්.බී.එම්. විජේකෝන්  නමැති 49 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු යුද හමුදා සිවිල් සේවකයෙකු බවද පොලිසිය කියයි.

නිවසේ පැරණි වැසිකිළි වලක කොන්ක්‍රීට් ආවරණය කඩා ඉවත් කරමින් සිටියදී ඒ තුළට වැටුණු අලවංගුවක් ගැනීමට වලට බැසීමෙන් පසු එහි විෂ වායුවක් ආග්‍රහණය වී මොහු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය කියයි.

අසල්වැසියන් මොහු වළෙන් ගොඩගෙන රෝහලට රැගෙන ගියද ඒ වෙනවිටත් මොහු මියගොස් තිබූ බවද පොලිසිය කියයි.